26 C
Colombo
Tuesday, May 7, 2024

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තහංචියක්

- Advertisement -

ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව දැන් තියාම ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස පොදුජන පෙරමුණේ ප්‍රබලයින් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට තවත් වසරකට වැඩි කාලයක් ඇති බවයි.

ඒ හේතුවෙන් පොහොට්ටුවේ අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් දැන් සිටම අදහස් පළ කිරීම ගැටළුකාරී තත්ත්වයක් උදා කරනු ඇති බවයි පක්ෂයේ බලධාරීන් මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇත්තේ.

පසුගිය දිනවල මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් විවිධ ස්ථානවලදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ මත භේදයක් ද හටගෙන තිබුණා.

දැන් සිට ජනාධිපති අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් අදහස් දැක්වීම පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් විය හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග සහ විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර යන මහත්වරුන් පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ,මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු බවයි.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...