28 C
Colombo
Saturday, May 4, 2024

විවාදය ගැන සජිත් පාර්ශවයෙන් බව හැඟවෙන ව්‍යාජ ලිපියක්

- Advertisement -

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව පවසමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ලිපියෙන් දැක්වුණේ එම විවාදයට නිශ්චිත දින නියම වීමක් මෙතෙක් නොවීම හේතුවෙන් ජනතාව අතර විවාදය සම්බන්ධව වැරදි අදහස් මතු වීමේ ඉඩක් ඇති බවත් යම් හෙයකින් සමගි ජන බලවේගය මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර අදාළ ලිපියට පිළිතුරු ලිපියක් බවට හැඟවෙන අයුරින් සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපි ශීර්ෂය යටතේ වන ලිපියක් සමාජ මාධ්‍යවල පලකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ තමන්ට ගෝලීය ව්‍යාපාරික උපායමාර්ගික සැලසුම්කරණ හමුවීම් කිහිපයක් ඇති බැවින් ජාතික ජනබලවේගය ලබාදී ඇති දින 04 තුළ මෙම විවාදය පැවැත්විය නොහැකි බවත් ජූනි මස 31 වැනි දින විවාදය පැවැත්වීමට තමන් සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසන බවයි.

කෙසේවෙතත් ජූනි මස 31 වැනිදාවක් නොමැති බැවින් අදාළ ලිපියෙහි සත්‍ය අසත්‍යභාවය පිළිබදව News19 ප්‍රවෘත්ති අංශය සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළා.

ඔහු පැවසුවේ එම ලිපිය ව්‍යාජ එකක් බවත් තවමත් ජාතික ජනබලවේගය යොමුකර ඇති ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ නොපවත්වා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අද (23) සවස සාකච්ඡා කිරීමෙන් අනතුරුව විවාදය සිදුකරන දිනය පිළිබදව මාධ්‍ය දැනුවත් කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...