30 C
Colombo
Friday, May 3, 2024

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායකත්වයේ වෙනසක්

- Advertisement -

උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව, විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයට තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගව පත්කිරීමට අවධානය යොමු ව ඇති බව වාර්තා වනවා.

වනිඳු හසරංග 2019 වසරේදී නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස වරම් හිමිකරගත් අතර, තරග 58කට ක්‍රීඩා කර ඇති ඔහු දවාගෙන ඇති 20 – 20 කඩුලු සංඛ්‍යාව 91ක්.

2021 වසරේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස දසුන් ශානක පත් කළ අතර, 2023 එක්දින ලෝක කුසලානය අතරතුරදී අබාධයක් හේතුවෙන් ඔහුව ඉවත් කර තාවකාලිකව නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කිරීමට එවකට තේරීම් කමිටුව කටයුතු කළා.

කෙසේ වෙතත්, එක්දින නායකත්වය සම්බන්ධයෙන් නව තේරීම් කමිටුව තවමත් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වනවා.

උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුව එළැඹෙන සඳුඳා යළි රැස්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...