කල්මුණේ ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථානයක රදවා සිටි 17 හැවිරිදි පිරිමි දරුවකු හදිසියේම මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, සිදුවීමට අදාළව සැකපිට එම රැදවුම් මධ්‍යස්ථානයේ 28 හැවිරිදි වියේ පසු වන පාලිකාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ, මඩකලපුව කොක්අඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
පහනක්, සීනුවක්, සාම්බ්‍රානි පිඟානක් සොරකම් කලැයි මෙම දරුවා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපති කිරීමෙන් අනතුරුව අධිකරණයෙන් ලබාදී තිබු නියෝගයක් අනුව මෙම ළමයා කල්මුනේ ප්‍රදේශයේ පිහිටි මෙම ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා තිබෙනවා.
කෙසේවෙතත් දරුවාගේ පියා සදහන් කරන්නෙ තම දරුවාට පහරදී ඝාතනය කර ඇති බවයි.