කට උත්තරයක් සටහන් කර ගැනීම සඳහා යම් පුද්ගලයකු පොලිසියට කැඳවන අවස්ථාවේදී එසේ කැඳවීමට හේතුව සහ පැමිණිල්ල කළ පුද්ගලයා පිළිබඳව අදාළ පාර්ශවය දැනුවත් කළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් කෙටුම්පත් කර ඇති බව පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ, බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන විදුල රැළපනාව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (09) සලකා බැලූ අවස්ථාවේදීයි.
සමාජ මාධ්‍යයේ පළ කරන ලද තොරතුරක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශය විසින් කළ දැනුම්දීමකට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබුණා.
අදාළ පෙත්සම ජුනි මස 24 වනදා යළි කැඳවීමට නියමිතයි.