ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
අද (16) කොළඹ පැවති සමුළුවක දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කළා.
දෙදිනක් පුරා පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ එම සමුළුවේ දී ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ග්‍රාම නිලධාරීන්ට දැනට හිමි දීමනා වැඩි කිරීම සම්බන්ධ විශේෂ කමිටුවක් තුළින් තිරණය කළ යුතු බව එහිදී තීරණය වී තිබෙන බව සඳහන්.
දීර්ඝ කාලයක සිට ග්‍රාම නිලධාරීවරුන් තමන්ට හිමි දීමනා වැඩි කරන ලෙසද ඉල්ලීම් කර තිබුණා.