වැලිගම ප්‍රදේශයේ නිවසක කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව වැලිගම පොලීසිය පවසනවා.
එසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 52ක් වන ජෝති කොරටුව, වල්ලිවල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
එම කාන්තාවගේ සැමියා ඊයේ (24) දහවල් ධීවර රැකියාව සඳහා ගොස් ඇති අතර ඔහු නැවත නිවසට අද උදෑසන පැමිණ තිබෙනවා.
ඔහු නිවසට පැමිණෙ පරික්ෂා කිරිමේදී බිරිඳ කාමරයක ඇඳ මත මියගොස් ඇති බවට පොලීසියට දැනුම් දී තිබෙනවා.
එ් අනුව මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි