33 C
Colombo
Sunday, May 5, 2024

හදිසියේ G7 නායකයින් කැඳවන්​න බයිඩ්න්ගෙන් තීරණයක්

- Advertisement -

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අද (14) දිනයේ G7 රටවල නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, ඉරානය විසින් සිදුකළ නිර්ලජ්ජිත ප්‍රහාරය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවයි.

ඊශ්‍රායලය සමග සමීපව කටයුතු කරන අතර එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථන මාර්ගය ඔස්සේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තමා සාකච්ඡා කළ බවද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය විසින් ඊයේ (13) දිනයේදී ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ අතර ඩ්‍රෝන යනා රැසක් විනාශ කිරීමට පියවර ගත් බව අමෙරිකාව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණ කර නොමැති බව වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...