31 C
Colombo
Wednesday, May 21, 2025

විජේදාස ගැන තීරණාත්මක නඩු තීන්දුවක් අද

- Advertisement -

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් නියෝගය අද (15) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුව ඊයේ (14) කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.

මෙම පත්වීමට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති නිසා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කළ නොහැකි බවට විජයදාස රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ඊයේ විරෝධතා මතු කර තිබුණා.

කෙසේවෙතත්, දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ වාරණ නියෝගය පිළිබඳව කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර ලබා දුන්නා.

දුමින්ද දිසානායක මහතා ඉල්ලා සිටින වාරණ නියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට ඒ මහතාගේ නීතිඥවරුන්ට අවසර ලබා දෙන බව එම නියෝගයේ සඳහන්.

මෙම  වාරණ නියෝගය පිළිබඳව අද දහවල් වැඩිදුරටත් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා.

https://www.news19.lk/the-order-given-by-the-court-to-the-petition-against-wijedasas-injunction

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ කාලය කන මන්ත්‍රීලාට වෙන්න යන දේ

ස්ථාවර නියෝග 27 (2) යටතේ විධිවිධානයන්ට සහ සම්ප්‍රදායන්ට අනුකූල නොවන ආකාරයෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාවේ කාල කළමනාකරණයට දැඩි බාධාවක් සිදුව ඇති බව...

ගුරු පුරප්පාඩු ගැන විශේෂ දැනුම්දීමක්

මේ වසරේ අග භාගය වන විට ගුරු පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් ක්‍රියමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. අද (21) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී මුජිබුර්...

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා...

POPULAR ARTICLES