26 C
Colombo
Tuesday, May 21, 2024

වාහන ආනයනය ගැන විශේෂ අනාවරණයක්

- Advertisement -

පසුගිය වසර කිහිපය තුළ ලංකාවට වාහන ආනයනය කිරීමේදී ගෙන්වා ඇති වාහනවලින් 85%ක් පමණ භාවිත කළ වාහන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මෙරටට වාහන ආනයනය කිරීම සඳහා විධිමත් නියාමන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවද එම සංගමය පෙන්වා දෙනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා සඳහන් කළේ ආණ්ඩුව වාහන ආනයනය පිළිබඳ තීරණ ගැනීමට කමිටුවක් පත්කළ යුතු බවයි.

ඉදිරියේදී වාහන් ආනයනය කිරීමේදී ඒජන්තවරුන්ගේ අවශ්‍යතාවයට අනුට කටයුතු නොකර ජනතාවගේ කැමැත්තට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා,

“පසුගිය වසර කිහිපයේදී ලංකාවට වාහන ආනයනය කිරීමේදී ඒ කියන්නේ 2017, 2018, 2019 වසරවලදී 85%ක් ගෙන්නලා තියෙන්නේ පාවිච්චි කරපු වාහන. 15% අලුත් වාහන ආනයනකරුවන් විසින් ගෙන්නලා තියෙන්නේ. ඒ 85%නුත් 95%ක් ගෙන්නලා තියෙන්නේ ජපන් රටෙන්.  ඉදිරියේදී වාහන ආනයනය කරනවානම් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ජනතාව කැමති දෙයට. ජනතාව කැමති දේ නැතුව ඒජන්තවරුගේ අවශ්‍යතාවයට කටයුතු කරලා රටට අවශ්‍ය නැති දේවල් කරන්න ගියොත් පරිහානියක් ඇති වෙනවා. කොළ එළියක් ඇවිත් තියෙනවා වාහන ගෙන්න.  ඡන්දයට කලින් වාහන ගෙන්නවද, ලබන අවුරුද්දේ මුල ඉදන් ගෙන්නවද, නෑ මේක රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එනවා වාහන ගෙන්නන් දෙනවා කියලා. රජයෙන් ඉල්ලන්නේ අපිව ගෙන්නලා කමිටුවක් හදන්න. මේක දැන් ඉඳන් පිළිවෙල කරන්න.”

RECENT ARTICLES - SINHALA

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී දුම්රිය ධාවනයට බධා එල්ලවී තිබෙනවා. කොට්ටාව සහ පන්නිපිටිය අතර දුම්රිය මාර්ගයට මෙලෙස ගසක් කඩාවැටී ඇති බවට වාර්තා වනවා. ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය...

කසිප්පු පෙරූ එස්.අයි. ගේ වැඩ තහනම්

කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්ක...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...