27 C
Colombo
Saturday, May 25, 2024

වවුනියාව විශ්වවිද්‍යාලයයට වෛද්‍ය පීඨයක්?

- Advertisement -

යාපනය විශ්ව විද්‍යාලයේ මණ්ඩපයක් ලෙස කාලයක් පැවති වවුනියාව විශ්ව විද්‍යාලය මීට වසරකට ඉහත දී ශ්‍රී ලංකාවේ 17 වැනි විශ්වවිද්‍යාලයය වශයෙන් නම් කරනු ලැබුවා.

එම වවුනියාව විශ්වවිද්‍යාලයය සදහා වෛද්‍ය පීඨයක් ලබා දෙන ලෙස එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.මංගලේස්වරන් මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

ඒ, වවුනියාව විශ්වවිද්‍යාලයය පිහිටුවා වසරක් ගත වීම නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමින්.

වවුනියාව මහ රෝහල ශීක්ෂණ රෝහලක් වශයෙන් උසස් කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ ම වවුනියාව විශ්වවිද්‍යාලයයට වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම අනිවාර්යෙන්ම සිදු විය යුතු බව‍යි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

මේ වන විටත් වවුනියාව විශ්ව විද්‍යාලයට අලුතින් පරිසර විද්‍යා පීඨයක් ලබා දී ඇති අතර, ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද වෙන් කොට තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිය පුද්ගලයෙක් මරුට

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) පස්වරුවේ මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසනවා. මෙසේ...

දියතලාව – හපුතලේ මාර්ගය වැසේ

ගස් කඩා වැටීමේ අවදානම හේතුවෙන් දියතලාව – හපුතලේ මාර්ගය අද (24) රාත්‍රීයේ වසා දැමීමට තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව,...

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් විදුහල්පති රුපියල් 30,000ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ...

POPULAR ARTICLES

පොලිස් කාන්තාවගේ වීඩියෝ එක ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

ලියාපදිංචි සහිතකය නොමැතිව මධ්‍යම පළාතේ පුද්ගලයෙකු හට අයිති වාහනයක් සබරගමුව පළාත තුළ ධාවනය කළ රියදුරෙකුට පොලිස් කාන්තාවක් දඩයක් නියම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන...