30.1 C
Colombo
Friday, April 26, 2024

දරුවන්ට නොමිලේ අභ්‍යාස පොත් සහ දිවා ආහාර වේලක්

- Advertisement -

ආර්ථික දුෂ්කරතාවන් පවතින පවුල්වල දරුවන් සඳහා වාර්ෂිකව අභ්‍යාස පොත් ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

අභ්‍යාස පොත් සඳහා අධික මිලක් දෙමාපියන්ට දැරීමට සිදු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසන්නේ.

මෙම වැඩසටහන රජයේ මුද්‍රණාලය හරහා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවත් වෙළෙඳපොලේ අභ්‍යාස පොත් හිඟ අවස්ථාවන්වල දී, මෙම පොත් රජයේ මුද්‍රණාලය මගින් වෙළෙඳපොලට ලබා දීම ද මෙම වැඩසටහනේ එක් අරමුණක් වී ඇති බවත් පැවසේ.

එ අනුව පෙළ පොත් මුද්‍රණය කිරීමට ඉන්දියාවෙන් තීන්ත හා කොළ ගෙන්වීමට ද පියවර ගෙන තිබෙනවා.

එසේ ම ප්‍රාථමික ශ්‍රේණි සඳහා දිවා ආහාර වේලක් ලබාදීම කෙරෙහි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...