අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමග හටගත් අකුණක් වැදී වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබෙනවා.
අද පස්වරුවේ අකුණු සැර වැදීමෙන් මෙලෙස එම ඒකකය විනාශයට පත් වී ඇති බවයි.
එම අවස්ථාවේ එම අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු කඩිනමින් ඉවතට ගෙන අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ඉටු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
අකුණු සැර වැදීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවුනත් එහි උපකරණවලට හානි සිදු වී ඇති බව වලස්මුල්ල මූලික රෝහලේ නිලධාරීන් පවසනවා.
වලස්මුල්ල පොලීසිය, ලංකා විදුලිබල මණ්ඩලය සහ තංගල්ල නගර සභාවේ ගිනිනිවන ඒකකය රෝහල වෙත පැමිණ අකුණු සැර වැදීමෙන් ගට ගත් ගින්න නිවීමට කටයුතු කර තිබුණා.