28 C
Colombo
Saturday, July 27, 2024

සෑම නිවසකටම ගෙවත්තක් – ගෙදරට පොල් ගෙවත්තෙන්

- Advertisement -

‘සෑම නිවසකටම ගෙවත්තක්’ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ, නාකුළුගමුව නව දුම්රිය ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (04) එක්වෙමින්.

මේ අතර, ‘ගෙදරට පොල් ගෙවත්තෙන්’ සංකල්පය හරහා සෑම නිවසකටම ගුණාත්මක බවින් ඉහළ දෙමුහුන් පොල් පැල දෙකක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

වාර්ෂිකව ඉහළ යන සියයට 10 ත් 15 ත් අතර පොල් ඉල්ලුමට උපරිම දායකත්වයක් ලබාදිය හැකි ලෙස පොල් නිෂ්පාදනය වැඩි කරගැනීම අපේක්ෂාව බවයි ඔහු කියා සිටියේ.

ගාල්ල – බෝපේ – පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති ජාත්‍යන්තර පොල් දින සැමරුම වෙනුවෙන් පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...