30 C
Colombo
Tuesday, May 7, 2024

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

- Advertisement -

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.

පහරදීම සිදුකර ඇත්තේ කළුතර, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත මැර පිරිසක් බවට වාර්තා වනවා.

කළුතර, වෙනිවැල්පිටිය, වෙන්දේසි වත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (25) පස්වරුවේ පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් එහි සිටි තරුණයෙකුට පහර දී නිවසේ දේපළවලටත් හානි කර තිබෙනවා.

එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සුද්දා සහ රනේ නැමැති පුද්ගලයින් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ ආධාරකරුවන් කිහිපදෙනෙකුට මෙම පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වනවා.

එම නිවසේ තරුණයාට පහරදුන් පිරිස පසුව ඒ ආසන්නයේ ඇති තවත් නිවසකට ගොස් එහි සිටි තරුණයින් දෙදෙනෙකුට ද පහරදීමට තැත්කර තිබෙන අතර එම නිවසේ තරුණයින් දෙදෙනා ඒ අසල ඇති කැලයට පැනයමින් සිය ජීවිත බේරාගැනීමට සමත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසියට දුරකථනයෙන් දැනුම් දී ඇති අතර පසුව එහි පැමිණි නිලධාරීන් මැර පිරිස සමග කතාබස් කර පිටව ගිය බවට ඔහුන් චෝදනා එල්ල කරනවා.

අදාළ සිදුවිමට මුහුණදුන් කාන්තාවක් පවසා සිටියේ,

“මුළු ගේම කුඩුපට්ටම් කරලා සර් අපේ. අපේ තාත්තාගේ ෆොටෝ එක පවා කුඩු කරලා. වයසක මහත්තුරු දෙන්නෙක් එවලා තිබුණා දකුණු කළුතර පොලීසියෙන්. පොලීසියට මම සුද්ද සිංහලෙන් කිව්වා. සුද්දාගෙන් කසිප්පු බොනවා. සුද්දා අරක්කු දෙනවා. සුද්දා ළඟට ට්‍රැෆික් බයික්වල තෙල් ගහගෙන ගිහින් සුද්දා එක්ක තමා ගනුදෙනුව. ඌ බූරු ගහනවා. ජාවාරම් කරනවා. පොලීසිය එක්ක ඌ ඉන්නේ. අපි කොච්චර ඇන්ට්‍රි දාලා තියෙනවා ද? දකුණු කළුතර පොලීසියෙන් තාම පියවරක් අරන් නෑ. කොන්ද කෙලින් තියෙන එකෙක් නෑ සර් පොලීසියේ.”

මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයාගේ සුවදුක් විමසීම සඳහා නාගොඩ රෝහලට යමින් සිටි මවට නාගොඩ මංසන්ධියේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා

ඉන් පලා ආ කාන්තාව නාගොඩ රෝහල තුළට ඇතුළු වීමට පෙර,පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී එහි පැමිණි මැර පිරිස ඇයට තියුණු ආයුධවලින් පහර දී තිබු‍ණා.

ඉන් බරපතළ තුවාල ලැබූ කාන්තාව සහ නිවසේදී පහර කෑ ඇගේ පුත්‍රයාද මේ වනවිට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසියට චෝදනා එල්ල වන පසුබිමක සිද්ධියේ සැකකරුවෙක් වන ‘රනේ’ නැමැත්තා අද (26) දහවල් එම පොලීසිය මඟින්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...