30 C
Colombo
Wednesday, May 1, 2024

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

- Advertisement -

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබී පසුගියදා කඩා ඉවත් කළ කඩ එලෙස ජාවාරම්කරුවන් විසින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් බවයි.

ජාවාරම්කරුවන් විසින් එම වෙළඳසැල් වෙනත් පුද්ගලයන්ට දවස් කුලියට බදු දී තිබෙන බවට අනවරණය වී තිබෙන බවත් අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු පළමු අවස්ථාවේදීම එය ඉවත් කිරීමට නගර සභාව පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළා.

එබැවින් කොළඹ මහ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන්ට හසු වී තම මිල මුදල් නිකරුණේ නාස්තිකර නොගන්නා ලෙසයි.

එම අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් වෙළඳසැල් හිමියන් දැනුවත් කර තිබු බවත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මුල්ම දැනුම්දීම සිදුකර ඇත්තේ ඉකුත් වසරේ දෙසැම්බර් 20 වැනිදා බවත් කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

ඉන් අනතුරුව කොළඹ මහ නගර සභාව විසින් පසුගිය ජනවාරි මස 02 වැනිදා වෙළඳසැල් හිමියන් සියලුම දෙනාට දින 14ක් ඇතුළත වෙළඳසැල් ඉවත්කර ගන්නා ලෙසට ලිඛිතව දැනුම් දී ති‍බෙනවා.

පසුව අවස්ථා කිහිපයකදීම මෙම වෙළඳසැල් හිමියන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට වාචිකව උපදෙස් ලබාදුන් බවද කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

නමුත් නියමිත කාලයේදී ඉන් ඉවත් නොවූ නිසා පසුගිය 16 හා 17 දෙදිනතුළ මෙම අනවසර වෙළඳසැල් ඉවත්කිරීමට පියවර ගත් බවද ඉංජීනේරුවරයා සඳහන් කළා.

කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ මෙම වෙළඳසැල් ඉවත්කිරීමට නගර සභාවට වැයවූ මුදල ඉදිරියේදී ඔවුන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නා බවයි.

කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපස තිබූ වෙළඳසැල් ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සම්බන්ධයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා සඳහන් කළේ මෙයට පෙර 2013 වසරේදීද මෙම ස්ථානයේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල් 73ක් ඉවත්කර කොළඹ බැස්ටියන් මාවත හා ඒ අවට ප්‍රදේශය ජනතාවට ආකර්ෂණයක්වන ලෙසට සංවර්ධනය කිරීමට පියවර ගත් බවයි.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකායේ ශ්‍රවණාගාරයේදී ඊයේ (18) පැවැති එම මාධ්‍ය හමුවේදී නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා පවසා සිටියේ,

”අපි 2013 දී මෙම ස්ථානයේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල් ඉවත් කළාට පසුව, පසුගිය කොවිඩ් හා අරගලය පැවති සමයේදී යම් යම් සංවිධානාත්මක පිරිස් විවිධ කාලසීමාවන්වලදී පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට වෙළඳසැල් ඉදිකර තිබුණා. ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට දැනුම්දී තිබුණත් ඉවත් නොවූ නිසා මෙම වෙළඳසැල් ඉවත්කරන ලෙසට නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ මහ නගර සභාවෙන් ඉල්ලීමක් කළා.”

මේ වනවිට කොළඹ මැනිං වෙළඳපොළේ පමණක් අනවසර වෙළඳසැල් 231ක් තිබෙන බවට හඳුනාගෙන ඇති බවත් එම වෙළඳසැල් ඉවත් කිරීම පිළිඳවද කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කර එම වෙළඳසැල් ඉවත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීම සඳහා අනුකමිටුවක් පත්කර තිබෙන බවත් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි වැඩිදුරටත් සඳහන් කළා.

නාගරික සංවර්ධණ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී ප්‍රියශාන්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ජපාන ආයෝජකයකුට ලබාදෙන බවට වාර්තා පළවුවද ඒ සම්බන්ධයෙන් මේ වනතුරු කිසිඳු ගිවිසුමකට එළඹ නැති බවයි.

නමුත් එම ව්‍යපෘතියේ වටිනාකර සම්බන්ධයෙන් මූලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙන බවත් මෙම වෙළඳ සැල් ඉවත් කිරීම හා පාවෙන වෙළඳ සංකීර්ණය ජපානයට ලබාදීම අතර කිසිඳු සම්බන්ධයක් නැති බවත් සඳහන් කළා.

ජනතාවට හිතෙන හිතෙන ආකාරයට අනවසර ඉදිකිරීම් සිදුකිරීමට නීතියෙන් කිසිඳු අයිතියක් නැතැයි කී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් සංවිධානාත්මක ජාවාරම්කරුවන් අයුතු ලාභ ප්‍රයෝජන ලබාගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...