විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පසුගිය වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයට සාපේක්ෂව සියයට 74.4 කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා
පසුගිය වසරේ එය ඩොලර් මිලියන 2,214.8 ක් ලෙස දැක්වු අතර එය මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ දැක්වුණේ ඩොලර් මිලියන 3,862.7 ක් ලෙසයි.
එමෙන්ම මෙම වසරේ අගෝස්තු මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 499.2 ක් ලෙස දැක්වෙනවා.
මේ අතර, සැප්තැම්බර් මස මුල වන විට 2023 වසර තුළ විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ද වාර්තා වෙනවා.