25 C
Colombo
Sunday, May 19, 2024

සජිත් ගෙන් ගිනස් වාර්තාවක්-රනිල්

- Advertisement -

ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවට බවත් විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීමත් ගිනස් වාර්තාවක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ , ඊයේ (09) පැවැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

‘රටේ ආර්ථිකය කිසිදා නොවූ විරු අභියෝගයකට ලක් වන තුරුම රටක් ලෙස අප ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයා බැලුවේ නැහැ. ඒ නිසාම ආර්ථික ප්‍රශ්නය වර්ධනය වුණා. ආර්ථිකයට අදාළ නිවැරැදි තීන්දු ගන්න දේශපලන නායකයන් පසුබට වීම නිසාම තත්ත්වය උත්සන්න වුණා. ඒ වගේම මෙම ආර්ථික අර්බුදය ජනතාවට තදින් දැනුණා.

ඔවුන් මහ පාරේ උද්ඝෝෂණ ආරම්භ කළේ ඉන්පසුවයි. ඇතැම් උද්ඝෝෂණවලට වෙනම මුහුණුවරක් තිබුණු බව අරගලය අවසානයේදී අපට පෙනෙන්නට තිබුණා. මෙම තත්ත්වය තුළ නායකත්වයේ රික්තකයක් ඇති වුණා. එදා පැවැති ආණ්ඩුව බිත්තියට හිරවෙලා තිබුණේ. ඒ නිසාම එවකට අගමැතිවරයා ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්විමට සිදු වුණා. එවකට ජනාධිපතිවරයා විපක්ෂනායකවරයා කැඳවා ආණ්ඩුව භාරදීමට උත්සාහ කළා. නමුත් විපක්ෂ නායකයා එම අභියෝගය භාර ගත්තේ නැහැ.’

RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...