29 C
Colombo
Saturday, May 4, 2024

ඇන්ජලෝ මැතිව්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

- Advertisement -

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ සෑම්ප් ආමි කණ්ඩායමට එරෙහි තරගය ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන නොදර්න් වොරියර්ස් කණ්ඩායම ජය ගෙන තිබෙනවා.

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර ඊයේ (28) ආරම්භ වුණා.

එහි නොදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහි තරගයේ කාසිය වාසිය හිමි කරගත් සෑම්ප් ආමි කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව, පිටියට පිවිසි නොදර්න් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 103ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෑම්ප් ආමි කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 94ක් පමණයි.

ඒ අනුව නොදර්න් වොරියර්ස් කණ්ඩායම ඒ අනුව ලකුණු 9කින් තරඟය ජය ගත්තා.

ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක්ද දවා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...