25 C
Colombo
Sunday, May 19, 2024

දේශබන්දු පත්වූ දවසෙම මාධ්‍යවේදියෙකුට පහරදී අත්අඩංගුවට අරන්

- Advertisement -

ජාතික රූපවාහිනියේ කුලියාපිටිය – උඩුබද්දාව වාර්තාකරු දිනෙත් කුමාර වාර්තාකරණයේ යෙදී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ජාතික ආරක්ෂාවට හානි කළ බවට චෝදනා නඟමින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය පවසන්නේ, දිනෙත් කුමාර පසුගිය නොවැම්බර් 30 උදෑසන බිංගිරිය පොලීසිය අසල ප්‍රධාන මාර්ගයේ රූගත කරමින් සිටියදී පොලීසිය විසින් ප්‍රශ්න කර, නිලධාරීන් විසින් පොලීසිය වෙත රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඇති බවයි.

ඔහු විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු හැඳුනුම්පත හා රූපවාහිනී හැදුනුම්පත පෙන්වාදී සිටියදීත් පහරදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.

පොලීසියේ අවිගබඩාව රූගත කර ඇති බවටත්, එමගින් ජාතික ආරක්ෂාවට හානි කර ඇති බවටත්, පොලිසිය විසින් චෝදනා කර තිබෙනවා.

දිනෙත් කුමාර අද (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, ඔහු අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පහරදීම හා අත්අඩංගුවට ගැනීම දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන තනතුරට පත්වූ දිනයේදීම වීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...