26 C
Colombo
Tuesday, May 7, 2024

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

- Advertisement -

ආසියානු සංවර්ධන බැංකුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

එම මුදලින් මිලියන 50ක් අපනයන, සංචාරක, තාක්ෂණ, කෘෂිකර්ම සහ නිෂ්පාදන අංශවල ඌන සේවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වෙන්කිරීමට නියමිතයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ණය සඳහා අර්ධ ණය ඇපකර සපයන සීමා සහිත ජාතික ණය ඇපකර ආයතනය හරහා රජයේ කොටස් දායකත්වය සඳහා මෙම ණය ආධාරය ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මෙරට ආර්ථිකයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන් සියයට 52ක දායකත්වයක් සපයන බවයි.

එබැවින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට විශේෂයෙන් කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම වැදගත් බව ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...