27 C
Colombo
Monday, May 6, 2024

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

- Advertisement -

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු ලැබුවා.

රිළවියන්ගේ යෝනි මාර්ගය ඔස්සේ ලූපයක් ඇතුළු කර ගැබ් ගැනීම් වැලක්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ සිදු කෙරුණු අතර ඒ සඳහා කුඩා ප්‍රමාණයේ නව ලූපයක් නිර්මාණය කිරීමට පශු වෛද්‍ය පීඨය සමත්ව තිබුණා.

මේ සඳහා එක් වරක් පැටවුන් බිහි කළ වයස අවුරුදු 1 1/2ක් පමණ වන රිළවියක් පරීක්ෂණය සඳහා යොදාගෙන තිබෙනවා .

ලූපය රිළවියගේ ගර්භාෂය තුළට තැන්පත් කිරීම සඳහා සිහිසුන් කිරීමට පැය භාගයක පමණගත වූ බවත් සැත්කම සිදු කිරීම සඳහා පැය භාගයක පමණ කාලයක් ගතවන බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පසු ශික්ෂන හා පශු සායනික අංශයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසනවා.

දංගොල්ල මහතා පවසා සිටියේ රිළවියක සාමාන්‍ය ජීවිත කාලයේදීපැටවුන් 10-15 අතර සංඛ්‍යාවක් බිහිකිරිම නිසා රිලා ගහණය පාලනය කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවට සියලු පාර්ශව හඳුනාගෙන තිබෙන බවයි.

මෙරට එළවළු හා පලතුරුනිෂ්පාදනයෙන් 20% ක පමණ ප්‍රමාණයක් රිළවුන්ගෙන් හානිවීම හේතුවෙන් ඊට විසඳුම් ඉල්ලා ගොවි ජනතාව උද්ඝෝෂණය කරන තත්වයක්ද පසුගිය කාලයේ දක්නට ලැබුණු බව පැවසූ දංගොල්ල මහතා රිළවියකට පැයක පමණ කාලයක් තුළදී ලූපය තැන්පත් කොට වනයට මුදාහැරිය හැකි බවද දංගොල්ල මහතා අවධාරණය කළා .

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...