ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට රණ්දෙණිය ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩාවැටී තිබෙනවා.
ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බධා එල්ලවී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට පැය භාගයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම බධා එල්ලවී තිබු අතර මේ වනවිට මාර්ගයෙන් පස් ඉවත් කර එක් මංතීරුවක් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව සඳහන්.
එමෙන්ම අද රාත්‍රි කාලයේ සහ වර්ෂාපතනය සහිත අවස්ථාවලදී මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට ප්‍රවේශම් වන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.