28 C
Colombo
Sunday, May 5, 2024

නිරුවත වසන්​න Instagramවලට අලු​ත් විශේෂාංගයක්

- Advertisement -

තරුණ ප්‍රජාව සමාජ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙටා සමාගම විසින් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම සඳහා නවතම විශේෂාංග හඳුන්වාදී තිබෙනවා.

එහි​දී නව විශේෂාංග මගින් ඉන්ස්ටර්ග්‍රෑම් යෙදුම් සඳහා ඇතුලත් කරන සෑම නිරුවත් හෝ අසභ්‍ය ඡායාරූපයක්ම ස්වයංක්‍රීයව බොඳ කිරීමක් සිදු කෙරෙනු ඇති.

විශේෂයෙන් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සිදුවන ලිංගික කප්පම් ගැනීම් සහා තර්ජනයන්ගෙන් තරුණ පරපුර මුදවා ගැනීම මෙහි අරමුණ වී තිබෙනවා.

නව විශේෂාංගයේ තවත් ලක්ෂණයක් වනුයේ යමෙකුට නිරුවත අඩංගු රූපයක් ලැබුණු විට එය ස්වයංක්‍රීයවම අනතුරු ඇඟවීමේ තිරයක් සමග අපැහැදිලි ආකාරයෙන් දර්ශනය වීමයි.

නිරුවත් රූපයක් මෙලෙස බොඳ කිරීමෙන් යළි යළිත් එවැනි ඡායාරූප සමාජ මාධ්‍යය යොමු කිරීම අධෛර්යමත් කරන බව මෙටා සමාගම එමගින් පෙන්වාදෙනවා.

ඉන්ස්ටග්‍රෑම් තාක්ෂණිකවේදීන් සඳහන් කර ඇත්තේ අන්තර්ජාල අපරාධකරුවන්ට වංචනික ක්‍රියා සිදුකිරීමට ඉදිරියේ දී මෙමගින් අවකාශය නොලැබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...