33 C
Colombo
Monday, May 6, 2024

සාමණේර හිමිනමකට ලිංගික අතවර කරලා

- Advertisement -

අවුරුදු 11ක් වයසැති සාමණේර හිමිනමකට වසර 03ක සිට බරපතළ ලිංගික අතවර සිදු කිරීමේ පුවතක් වාර්තා වෙනවා.

පයාගල ගොරකදෙනිය විහාරස්ථානයකදී මෙම සිද්ධිය සිදුවී තිබෙන බවටයි සඳහන් වන්නේ.

මෙම සිද්ධියට චෝදනා එල්ලවී ඇති විහාරාධිපති හිමිනමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තුන්නමක් විහාරස්ථානයෙන් පළාගොස් ඇති බව පයාගල පොලීසිය පවසනවා.

සාමණේර හිමිනමගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා

සාමණේර හිමිනමට 2021 වර්ෂයේ සිට විහාරාධිපති හිමියන් සහ තවත් ස්වාමීන්වහන්සේලා දෙනමක් සිය කුටිවලදී වරින්වර බරපතළ ලිංගික අතවර සිදුකළ බවට අදාළ පැමිණිල්ලේ සඳහන්.

සිද්ධියට මුහුණ දුන් සාමණේර හිමිනම වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවට වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

ආශිර්වාද ගන්න දේවාලයට ගිය සාමාන්‍ය පෙළ සිසුවෙක් මරුට

ආශිර්වාද ලබාගැනීම සඳහා දේවාලයක් වෙත ගිය බලංගොඩ ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකු එක්වරම ඇදවැටී මියගොස් ඇති බවට වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගයට...

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...