31.1 C
Colombo
Tuesday, June 24, 2025

ජනාධිපති මන්දිරයේ මුදල් ගණන් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

- Advertisement -

කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළුවී එහි දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් තවත් තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අද (27) පෙරවරුවේ කොළඹ හුසේනියා වීදිය ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ 26 හැවිරිදි තරුණයා කොළඹ 14, ද මැල් මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව‍යි. ඔහු වෙළෙඳසැළක සහයකයෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු බවද පොලීසිය සඳහන් කරනවා.

පසුගියදා ජනාධිපති මන්දිරය තුළට විරෝධතාකරුවන් ඇතුලුවීමෙන් පසු එහිදී මුදල් ගණන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවී තිබුණි. පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා එම මුදල් ගණන් කරමින් සිටි කණ්ඩායමේ සාමාජිකයෙකු බවට හඳුනාගත් බවයි.


RECENT ARTICLES - SINHALA

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...

මැරිලා දවස් පහක් ගිය ලෙඩ්ඩුන්ටත් ඔපරේෂන් කරලා – අල්ලස් කොමිසම උසාවියට කියයි

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින්...

POPULAR ARTICLES

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

ට්‍රම්ප් අසතුටින් – නෙතන්යාහුට දුරකථනයෙන් අමතයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත් එබැවින් එම රටවල් දෙක පිළිබඳවත්  තමා අසතුටු බවත් අමෙරිකානු...

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...