25 C
Colombo
Sunday, May 19, 2024

නාමල්ගෙ විදුලි බිල ගැන හොයන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකැටියේ පිහිටි නිවසට විදුලිය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ විගණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය පැවති කාල සීමාව තුළ දී ඔවුන්ගේ වීරකැටියේ පිහිටි නිවසට මෙම විදුලි සැපයීම සිදුකර තිබෙනවා.

නීතීඥවරයකු වන ඊ.ජේ.විජිත කුමාර විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, එහි සභාපති එන්.එස්.ඉලංගකෝන්, හිටපු සභාපති රඛිත ජයවර්ධන, විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න, විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය 2019 වසරේ සැප්තැම්බර් මස 12 වනදා සිට 15 වනදා තෙක් මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකැටිය පිහිටි නිවසේ පවත්වා තිබෙන බවත් ඒ සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් අය විය යුතු මුදල රුපියල් 2,682,246.57ක් බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

එම මංගලෝත්සවය පැවැත්වුණු කාලය තුළ දී එම නිවස සහ අවට ප්‍රදේශයට ආරක්ෂිත විදුලි ලාම්පු ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා විසින් විදුලිබල සහ බලශක්ති ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවත් ඒ අනුව එවකට විදුලිබල සහ බලශක්ති ඇමතිවරයා විසින් එම ප්‍රදේශයට විදුලිය ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලයේ බලධාරීන් දැනුම්වත් කර ඇති බවත් ඊට අදාළ ගෙවීම් එම පවුලේ සාමාජිකයන් විසින් ගෙවීමට සූදානම් බවට කරුණු ඉදිරිපත් කර තිබූ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

එහෙත් මෙතෙක් එම මුදල ගෙවා නොමැති බව පවසන පෙත්සම්කරු, වගඋත්තරකරුවන් සිය බලය අයුතු ලෙස භාවිත කරමින් අදාළ විදුලිය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, විදුලි බිල ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා කරනවා.

එසේ තිබිය දී තම නිවසේ රුපියල් 7,390ක මාසික විදුලි බිල නොගෙවීම හේතුවෙන් නිවසේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළ බව පවසන පෙත්සම්කරු අතිවිශාල විදුලි බිලක් නොගෙවා තිබිය දී වීරකැටිය නිවසේ විදුලිය විසන්ධි නොකර තම නිවසේ විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයේ බලධාරීන් කටයුතු කළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතිය ඉදිරියේ අසමාන ක්‍රියාකලාපයක් බවට පෙන්වා දෙනවා.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව 2019 වසරේ සැප්තැම්බර් 12 සිට 15 වනදා දක්වා මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකැටිය නිවසට විදුලිය ලබා දීමට අදාළව ඇති ලිපිගොනුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නිවසට විදුලිය ලබා දීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, එහි හිටපු සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට සිය බලය අයුතු ලෙස භාවිත කිරීමට කටයුතු කර ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...