සංගීත ප්‍රසංගයක වේදිකාවක් මත පොලිස් නිල ඇඳුමෙන් නර්තනයේ යෙදුණු බවට පැවසෙන පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මුලස්ථානය තීරණය කර තිබෙනවා.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව රාජකාරී කල පොලිස් කොස්තාපල්වරයෙකි.
ඔහුගේ වැඩ ඊයේ (01) සිට තහනම් කර තිබෙනවා.
පසුගිය 30 වනදා බියගම කැලණිය නදී ක්‍රීඩාංගණයේ දී පැවැති සංගීත ප්‍රසංගයකදී ගායකයෙකුගේ ගීතයකට වේදිකාවක් මත මෙම පොලිස් නිලධාරියා නර්තනයේ යෙදී ඇති බවයි වාර්තා වන්නේ.