31 C
Colombo
Friday, May 3, 2024

විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ සුදානමක්

- Advertisement -

මැයි මස අවසන් වීමට පෙර විද්‍යාපීඨ සඳහා නවක සිසුන් කණ්ඩායම් බඳවාගෙන අවසන් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (28) පැවැති පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

ඒ අනුව සිසුන්ට අමාත්‍යාංශය විසින් පිරිනමන රුපියල් 5000 දීමනාව සහ රැකියාව ලැබීමෙන් පසු ගෙවීම් පදනම මත බැංකු හරහා ලබා දෙන රුපියල් 15000 ණය මුදල ද පිරිනමන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

අද වන විට ගුරු අධ්‍යාපනඥ සේවය තුළ සිටින්නේ 40%ක් බවත් ඒ සඳහා අවශ්‍ය පිරිස් බඳවා ගැනීමට ද කඩිනමින් සිදු කරන බවද ඔහු කියා සිටියා.

අපොස උසස් පෙළ විභාගයේ Z අගය මත විෂය වර්ගය අනුව කුසලතා පදනම සහ දිස්ත්‍රික් පදනමින් අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙන බවත් එහි ඇගයුම් කටයුතු අවසන් අදියරේ තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...