32 C
Colombo
Tuesday, May 14, 2024

ලිංගික හැසිරීම් සඳහා වයස් සීමාව අවුරුදු 14 කිරීමට එරෙහිව විරෝධයක්

- Advertisement -

ගැහැණු දරුවන්ගේ ලිංගික හැසිරීම් සඳහා කැමැත්ත පළ කිරීමේ වයස් සීමාව අවුරුදු 14ට අඩු කිරීම මඟින් කාන්තා සහ පිරිමි ගණිකා වෘත්තිය ප්‍රචලිත කිරීම සඳහා උත්සාහයක් පවතින බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරනවා.

බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානය මේ බව පවසා තිබෙනවා.

මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතීඥ කල්‍යානන්ද තිරාණගම සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදු කර ඇති බවද වාර්තා වෙනවා.

මේ අතර, මෙම අවස්ථාවේදී දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා ඇත්තේ ලිංගික හැසිරීම් සඳහා වයස් සීමාව අඩු කිරීම මෙරට දරුවන් අපයෝජනයට ලක්කිරීම ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහයක් බවයි.

1995 වසරේ දී සිදු කළ දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධනයට අනුව මෙරට අවුරුදු 16 ට අඩු දැරිවියක් ස්ව කැමැත්තෙන් අපයෝජනයට ලක් වුවද එය ස්ත්‍රී දූෂණය යටතට වැටෙන බරපතළ වරදක් බවත්, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම වයස් සීමව මෙම පනත මගින් අවුරුදු 14 දක්වා අඩුකර ඇති බවටද ඔහු එහිදී චෝදනා කර තිබෙනවා.

මෙහිදී වරදකරුවා බවට පත්වන පුරුෂයාගේ වයස් සීමාව අවුරුදු 18 සිට 22 දක්වා ඉහළ දමා ඇති බවද පෙන්වා දුන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම පනත ගෙන එන්නේ මෙය ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් නිසාදැයි ප්‍රශ්නකර ඇති  බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර අමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්...

ලංකාවට එන සෑම සංචාරකයෙකුටම “තේ තෑග්ගක්”

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිලිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස...

අතුරුදන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් ළිඳකින් හමුවෙයි

මතුගම, වැල්කන්දල ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා. මියගිය පුද්ගලයා මතුගම, ඉද්දගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවට අනාවරණය වී තිබෙනවා. ඔහු ඊයේ (13) සවස සිට...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...