27 C
Colombo
Monday, May 6, 2024

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

- Advertisement -

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (25) දින සිදුකළ මෙම වැටලීමේ දී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් 48CC සහ මොවෑඩ් වර්ගයේ යතුරුපැදි 41ක් අත්අඩංගුවට ගත බවයි.

කුරුණෑගල, වාරියපොළ සහ මාස්පොත යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබු බවට වාර්තා වුණා.

මෙම යතුරුපැදි කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයෙකු විසින් යතුරුපැදි අමතර කොටස් ලෙස ගෙන්වා මෙරට දී එකලස් කර මෙම අලෙවි මධ්‍යස්ථාන වෙත විකුණා තිබෙනවා.

ඒවායේ ගැනුම්කරුවන් පවසන්නේ මෙම ආයතන වලින් මිල දී ගත් යතුරුපැදි ලියාපදිංචිකර ගැනීමට නොහැකි බවයි .

ජාවාරම සම්බන්ධයෙන් වාරියපොළ සහ කුරුණෑගල පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...