32 C
Colombo
Sunday, May 5, 2024

ලංකාවට එන්න හිටපු ඉරාන ඇමතිවරයෙක් වහාම අත්අඩංගුවට ගන්නැයි රතු නිවේනයක්

- Advertisement -

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සමග ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව සිටි ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ආර්ජන්ටිනාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සිදු කළ ඉල්ලීමක් මත ජාත්‍යන්තර පොලීසිය මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.

එමෙන්ම, අහමඩ් වහිඩි අත් අඩංගුවට ගන්නා ලෙස ආජන්ටිනාව පාකිස්තාන රජයෙන් මෙන්ම ශ්‍රී ලංකා රජයෙන්ද ඉල්ලීම් කර ඇති බව සඳහන්.

1994 දී ආර්ජන්ටිනාවේ බුඅනස් අයර්ස් අගනුවර යුදෙව් ජනතාව ඉල්ලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වග උත්තරකරුවෙකු ලෙසයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙනවා.

1984 ජුලි 18 එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම චෝදනා එල්ල වන ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි කලක් ඉරානයේ ප්‍රබලම හමුදා ඒකකය වන කුඩ්ස් බලකායේ ප්‍රධානියා ලෙසද සේවය කළා.

ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධාන හමුදා කාණ්ඩය වන කුඩ්ස් බලකායේ ප්‍රධානියා සැලකෙන්නේ ජාතික වීරයෙක් ලෙසයි.

ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා එක් වීමට නියමිතව සිටියත් ඔහු අද (24) දිනයේ ශ්‍රී ලංකාවට ආ දුත කණ්ඩායමේ නොසිටි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබෙනවා.

නමුත් මීට පෙර ශ්‍රී ලංකාවට එන ඉරාන දුත කණ්ඩායමට ඔහුද ඇතුළත්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...