26 C
Colombo
Friday, May 17, 2024

දමිතාට නොතීසි නිකුත් කරන ලෙස CID කළ ඉල්ලීමක් අධිකරණයෙන් ඉවතට

- Advertisement -

දමිතා අබේරත්නට සහ අයගේ සැමියාට නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත්තේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 අධික මුදලක් වංචා කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලීසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීම නොසලකාහැරීම හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස එමඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉල්ලීමක් කර තිබුණා.

එහිදී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පවසා ඇත්තේ ඔවුන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් අධිකරණයෙන් නොතීසි නිකුත් කිරීමට නොහැකි බවයි..

එසේම නිසි අයුරින් නියෝග ඉල්ලන ලෙසට ප්‍රකාශ කර ඇති කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා “පාරේ යන අයටත් නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටීවී” යනුවෙන් සඳහන් කර කරමින් මෙම තීරණය නිකුත් කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146කට උසස්වීම්

හෙට (18) දින සමරනු ලබන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146කට උසස්වීම් ලබාදීමට නියමිතයි. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිතුමාගේ අනුමැතිය...

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාව පවසනවා. එහි ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන්...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...