24 C
Colombo
Tuesday, March 21, 2023

දමිතාව නිදහස් කරන්න..! – සජිත් ඉල්ලයි

- Advertisement -

අත්අඩංගුවටගත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභානායකවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

අද (08) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු එම ඉල්ලීම සිදු කරන ලදි.

“මම අද ගිය දමිතා අබේරත්න රංගන ශිල්පිනිය බලන්න කොටුව පොලීසියට. ඇත්තටම එතුමිය පොදුජන අරගලයක සාමාජිකාවක්. එතුමියට එන්න කියලා තියෙනවා 9 වෙනිදාට පොලීසියට. නමුත් ඊයේ දිනයේ දී දියත උයන ප්‍රදේශයේ මහජන උද්ඝෝෂණයකට සහභාගී වීමත් සමග ඇයව අත්අඩංගුවට ගත්තා. මම සභානායකතුමාට කියන්න කැමතියි රංගන ශිල්පිනියව දඩයම් කිරීම නතර කරන්න. එතුමිය නීතිවිරෝධි කිසිම ක්‍රියාවක් කරලා නෑ. ප්‍රචණ්ඩත්වයට හෝ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ හානියකට එතුමිය සම්බන්ධ වෙලා නෑ. එතුමිය කරලා තියෙන්නේ මානව අයිතිවාසිකම් පුහුණු කිරීමක්. ඒ නිසා කරුණාකරලා දමිතා අබේරත්න මැතිනිය නිදහස් කරන්න ඔබතුමා මැදිහත් වෙන්න.”

මේ අතර, අත්අඩංගුවට ගෙන රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (08) පෙරවරුවේ කොටුව පොලිසිය වෙත පැමිණියේය.

ආණ්ඩුවට, තරුණයින්ව, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ව, කලාකරුවන්ව පේන්නට බැරි බවත් ඔවුන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කල්පනා කරන බවත් එහිදී පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මේ රාජ්‍ය ම්ලේච්ඡත්වයට සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව සමගි ජන බලවේගය ජනතාව සමග අරගල කරන බවත් පැවසීය.

දමිතා අබේරත්න කලා ශිල්පිනියට පොලීසියට එන්නටයැයි කැඳවා තිබුණේ නව වෙනිදා වුවත් දියත උයන පරීක්ෂණ පැවති විරෝධතාවයකට එක් වූ අවස්ථාවේ ඇය ක්ෂණිකව අත්අඩංගුවට ගෙන ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.


RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.