එප්පාවල, කටියාව යාය 09 ප්‍රදේශයේ තලාව ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් ගොඩනැගිල්ලක ඉදි කිරීම් කටයුතු සිදුවෙමින් තිබෙන අතරතුර ඊයේ (17) එම ගොඩනැගිල්ලේ බිත්තියක් හා වහළය සම්පුර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ, ඉන් කිසිවකුටත් හානී සිදුව නොමැති අතර නිසි ප්‍රමිතියකින් අදාළ ගොඩනැගිල්ල ඉදි නොකිරීම ඊට හේතු වී ඇති බවයි.
මෙම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතු තලාව ප්‍රාදේශීය සභාව මගින් සෘජු කම්කරු කුලී ගෙවීමේ පදනම මත සිදු කර ඇති බවට වාර්තා වනවා.
පසුගිය දින කිහිපය පුරාම ඉදි කිරීම් කටයුතු සිදු කරමින් සිටියද, ඊයේ ඔවුන් නිවාඩු ගෙන තිබීම හේතුවෙන් කිසිවකුටත් අනතුරක් සිදු නොවූ බව සඳහන් වනවා.
යම් හෙයකින් මෙම ගොඩනැගිල්ල මෙම අවිධිමත් තත්වයෙන් වැඩ නිමවා සිසු අයිතියට පත් කළේ නම්, සිසුන්ගේ හිස මතට මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන්නට ඉඩ තිබූ බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.
ප්‍රදේශවාසීන් වැඩිදුරත් පෙනවා දෙන්නේ, ගොඩනැගිල්ලේ ඉදි කිරීම් සිදු කිරීමේදී ඒ සඳහා කොන්ක්‍රීට් කණු සහ කම්බි නිසි ප්‍රමිතියෙන් යොදා නොමැති බවයි.