25 C
Colombo
Sunday, May 19, 2024

Hirdaramani සමූහයෙන් විශේෂ නිවේදනයක්

- Advertisement -

මෙරට ප්‍රමුඛතම ඇඟළුම් අපනයනකරුවකු වන Hirdaramani සමූහය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සිය සමාගමට අයත් ඇඟළුම් කර්මාන්ත ශාලාවක් වන මීපේ හි පිහිටි MRC ඇසෝෂියේට්ස් ගාමන්ට් පුද්ගලික සමාගම වසා දැමීම සම්බන්ධයෙන් මෑත කාලීනව පළ වී ඇති මාධ්‍ය වාර්තා නිවැරදි කිරීම පිණිස Hirdaramani සමූහය විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලබනවා.

වර්තමානයේ පවතින ගෝලීය ආර්ථික තත්ත්වය නිසා ප්‍රධාන වෙළෙඳපොළවල ඇඟළුම් සම්බන්ධයෙන් පවතින ඉල්ලුම අඩුවීම මෙම කර්මාන්ත ශාලාව වසා දැමීමේ තීරණයට ප්‍රධාන ලෙස හේතු වූ බව ඔවුන් පවසනවා.

ඒ අනුව ගෝලීය ඉල්ලුම පහළ යාම හමුවේ සිය ධාරිතාවය අඩුකිරීම සඳහා, මෙය ගනු ලැබූ තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක් බවත්, ඉදිරියේ දී සියලු තත්ත්වයන් සාමාන්‍යකරණය වීම මත නැවත අදාළ කර්මාන්තශාලාවේ කටයුතු ඇරඹීමට අපේක්ෂා කරනු ලබන බවත් ඔවුන් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.

තවද මෙම කර්මාන්තශාලාවේ සේවයේ යෙදුණු කාර්ය මණ්ඩලය දිවයිනේ පිහිටි සිය වෙනත් කර්මාන්තශාලාවලට අනුයුක්ත කර ඇති බවත්, Hirdaramani සමූහයට ශ්‍රී ලංකාවේ සමස්ත නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට කිසිදු අදහසක් නොමැති බවත්, රට තුළ ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්ධනය නඟා සිටුවීමේ දිගුකාලීන උපාය මාර්ගයේ කොටසක් ලෙස අඛණ්ඩව ආයෝජනය කිරීමට සහ පුළුල් කිරීමට තම සමූහය කැපවී සිටින බවත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...