26 C
Colombo
Monday, May 6, 2024

ලිංගික අධ්‍යාපනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ තීරණක්

- Advertisement -

පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු මේ වසරේ සිට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය මෙම තීරණයට එළැඹ ඇත්තේ පෙර පාසලේ සිටම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු බවට ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය කර තිබෙන නිර්දේශයත් සමගයි.

ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව විෂය නිර්දේශ ඇතුළත් පොත් සකස් කළ හැකි වුවත් එම කරුණු සිසුන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවැඩ බොහෝ දෙනෙක් අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබෙනවා.

එම කරුණු සිසුන්ට ඉගැන්වීමට බොහෝ ගුරුවරුන් මැළිකමක් දැක්වීම සහ ඊට නිසි පුහුණුවක් නොලැබීම යන හේතූන් එම අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති බව සඳහන්.

අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව විෂය නිර්දේශ ඇතුළත් පොත් සකස් කළ හැකි වුවත් එම කරුණු සිසුන්ට ඉගැන්වීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව බොහෝ පිරිසක් අවධානය යොමු කර ඇති බවයි.

තවත් පිරිසක් අමාත්‍යාංශයට යෝජනා කර ඇත්තේ උසස් පෙළ විද්‍යා අංශයේ උගන්වන ගුරුවරුන් පහළ ශ්‍රේණිවල දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම වඩා යෝග්‍ය බවයි.

කෙසේ නමුත් උසස් පෙළ විෂය නිර්දේශය අනුව පහළ ශ්‍රේණිවල ඉගැන්වීම් එම ගුරුවරුන් යෙදවීම ප්‍රයෝගික නොවන බවද අධ්‍යාපන බලධාරීන්ට පෙනී ගොස් තිබෙනවා.

මේ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මෙම වසරේ සිට උපාධි ප්‍රදානය කරන ආයතන බවට පරිවර්තනය කිරීමට අමාත්‍යාංශය උත්සාහ කරමින් සිටින අතර ඒ අනුව විෂය මාලා සංශෝධනයක් ද සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...