25 C
Colombo
Sunday, May 19, 2024

ඖෂධ මිලදී ගන්න විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා-සීතා අරඹේපොල

- Advertisement -

ගුණාත්මක ඖෂධ රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට ඉහළ අවධානයක් යොමු කර තිබෙන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, පවතින ආර්ථික තත්ත්වය මත ශෛල්‍ය සහ නඩත්තු කටයුතුවල යම් පසුබෑම් ඇති වී තිබෙන බවයි.

කෙසේ වෙතත් ලබන වසරේදී දේශීය සහ විදේශියව ලැබෙන මූල්‍යමය දායකත්වයන් සමග එම තත්ත්වය මගහරවා ගනිමින් එම කටයුතු සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා .

ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවේ ,දේශීය ඖෂධ නිෂ්පාදකයින් හා ආනයනකරුවන් සමග විවෘතව සාකච්ඡා කර ඖෂධ ප්‍රසම්පාදන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

දේශීයව ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා .

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...