33 C
Colombo
Sunday, May 5, 2024

මෙරට වෛද්‍යවරයකුට ඇමෙරිකාවේදී සිර දඬුවම්

- Advertisement -

ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ට්‍රැට්ෆර්ඩ් නගරයේ වෛද්‍ය සායනයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකුට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය වසර හතරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවා සැපයීමේදී ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් එරට රජයට වංචා කිරීම සම්බන්ධයෙනි.

ආනන්තකුමාර් තිලෛනාතන් නම් මෙම වෛද්‍යවරයා පසුගිය නොවැම්බර් මස වංචා කිරීම පිළිබඳ එල්ල වූ චෝදනාවට තමන් වරදකරු යැයි පිළිගෙන ඇති අතර අධිකරණය දඬුවම ප්‍රකාශයට පත් කරන තෙක් බැඳුම්කරයක් මත නිදහස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙඩිකෙයාර් නම් වෛද්‍ය සායනයේ හිමිකරු මෙන්ම සභාපතිවරයාද වන ආනන්තකුමාර් තිලෛනාතන් නම් මෙම වෛද්‍යවරයා ඔහුගේ රෝහලට පැමිණෙන රෝගීන්ට එහි සේවය කරන කාර්ය මණ්ඩලය මනෝ චිකිත්සක සේවා ලබා නොදෙන බව දැන දැනත් රෝගීන්ට මනෝ චිකිත්සක සේවා ලබා දීම වෙනුවෙන් රාජ්‍ය මෙඩිකේඩ් සෞඛ්‍ය රක්ෂනාවරණයෙන් ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් අය කරගෙන ඇතැයි ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

වසර හතරක සිර දඬුවම ගෙවා නිම කිරීමෙන් පසු තවත් වසර තුනක් පරිවාස නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ සිටිය යුතු බව බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණයේ දිසා විනිසුරු ස්ටෙෆාන් අන්ඩර්හිල් මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළා.

එසේම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් ආපසු ගෙවීමට නියෝග කර ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක මුදලක් දින 60 ක් ඇතුලත ගෙවීමට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය නියෝග කර ඇතැයි ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...