24 C
Colombo
Tuesday, May 21, 2024

සා.පෙළ ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

- Advertisement -

විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරනවා.

අද (10) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ප්‍රශ්න පත්‍රයක රහස්‍ය භාවය ලෙස සැලකෙන්නේ විභාගය ආරම්භ වී පළමු පැය භාගය තුළ බව ද සඳහන් කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා තමාට ලැබී ඇති කරුණු මත විභාගයට පෙර සංසරණය වීමක් පිළිබඳ වාර්තා නොවන බව මෙහිදි තවදුරටත් පවසා සිටියා.

“දැනට තියෙන කරුණු අනුව කිසිදු තැනක විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමක් හෝ සංසරණය වීමක් වාර්තා වෙන්නේ නෑ. මේ සිදුවීම් සිද්ධවෙන අවස්ථාවේ දී මේ අපේක්ෂකයින් සියලුදෙනා විභාගය ලියමින් සිට ඇති අතර, ඒ වනවිට පැයකට වැඩි කාලයක් ගතවූවාට පසුව තමා මේ සිද්ධි තුනම වාර්තා වෙන්නේ. එතකොට ඒක ප්‍රශ්නපත්‍ර පිටවීමක් ලෙස සලකන්න බෑ. විභාග පනතේ හැටියටත් ප්‍රශ්න පත්‍රයක රහස්‍ය ලේඛනයක් ලෙස සලකනු ලබන්නේ විභාගය ආරම්භ වී පැය භාගයක් යන තුරු. මොකද ඒ පැය භාගය ගතවුණාට පස්සේ අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථානයට ඇතුළු වෙන්න අවසරයක් නෑ. මෙතනදි පරිභාහිර පුද්ගලයින්ට ප්‍රශ්නපත්‍රය යන්න පුළුවන්කමක් නෑ. අපේක්ෂකයින්ට ඒ තුළින් විශේෂ වාසියක් ලබාගන්න පුළුවන්කමක් නෑ. මේ කොළඹ ඇතිවුණ සිද්ධි දෙකේදීම අනාවරණය කරගන්න පුළුවන් වුණා ඒ අපේක්ෂකයින්ට ඒ වංචනික ක්‍රියාවේ යෙදෙන්නට පුළුවන් කමක් ලැබුණේ නෑ. මෙවැනි සිද්ධි ගැන දැඩි අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන් ජංගම දුරකථන සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අධීක්ෂණය ශක්තිමත් කරලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

සාපෙළ ලියද්දී අසාධාරණයට ලක්වූ සිසුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවට

මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතරතුර අසාධාරණයකට ලක් වූ සිසුන් පිරිසක් අද (20) ප්‍රකාශ ලබාදීම සඳහා මානව හිමිකම්...

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...