32 C
Colombo
Friday, May 10, 2024

ඉන්දීය නළු නිළියන් පිරිසකට සයිබර් අපරාධ අංශයෙන් කැඳවීමක්

- Advertisement -

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගමේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස තරග විකාශය කිරීමෙන් හා ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීමෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක පාඩුවක් සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාලව සුපිරි නිළි තමන්නා භාටියාට (Tamannaah Bhatia) එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් විමර්ශන අංශය විසින් තමන්නා භාටියාට සිතාසි යවා ඇති අතර මේ 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

මෙම නඩුවට අදාළව බොලිවුඩ් නළු සංජේ දත්ත පසුගිය 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද ඔහු පැමිණියේ නැති බවයි වාර්තා වන්නේ.

තම ප්‍රකාශය සටහන් කර ගැනීමට ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබෙන බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීමට එක් වූ බවට චෝදනා ලැබ සිටින නලු නිළියන් වන සංජේ දත්, ජැකලින් ෆර්නැන්ඩස් සහ රැප් ගායක බාෂා සමඟ සම්බන්ධ පුද්ගලයන්ගේ ප්‍රකාශ ද පොලීසිය විසින් සටහන් කර ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ, එම ඔට්ටු ඇල්ලීමේ යෙදවුම ප්‍රවර්ධනයට අනුබල දුන් ප්‍රසිද්ධ පුද්ගලයින් 40කට වැඩි පිරිසක් විමර්ශනයට ලක්ව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගේ ප්‍රකාශය ගැන අධිකරණයෙන් වාර්තාවක් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ සම්බන්ධ මූලික විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ජූලි 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා...

ලෝක ඉතිහාසයේ උණුසුම්ම අප්‍රේල් මාසය

ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකම අප්‍රේල් මාසය ලෙස පසුගිය අප්‍රේල් මාසය වාර්තා අතරට එක්  වී තිබෙනවා. පසුගිය මාස 11ක කාලයක් පුරා ලෝකයට බලපෑ වැසි රහිත කාලගුණයෙන්...

අධික උණුසුමෙන් යාපනයේ තවත් මරණයක්

යාපනය - පුන්නලයි කට්ටුවාන් ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු අධික රශ්මිය හේතුවෙන් ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිවඥානම් ජයකුමාර් (45) නැමැති මොහු දහවල් මිතුරන් පිරිසක් සමඟ මත්පැන්...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...