26 C
Colombo
Monday, May 20, 2024

ඩොනල්ඩ් ලූ ශ්‍රී ලංකාවේ සංචාරයක

- Advertisement -

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

මැයි 10 සිට 15 දක්වා ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සංචාරයක නිරතව සිටින ඔහු ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඔහුගේ සංචාරය එක් එක් රටවල් සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති අතර නිදහස්, විවෘත මෙන්ම සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපදයේ සහයෝගය පෙන්නුම් කරනු ඇති.

ඉන්දීය සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඩොනල්ඩ් ලූ මහතා මෙරට සංචාරයේ නිරත වන කාල සීමාව අතරතුර දේශපාලන නියෝජිතයින් රැසක් හමු වීමට නියමිත අතර එමඟින් දෙරට අතර සබඳතා ශක්තිමත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් එක්සත් ජනපදයේ සහයෝගය මෙන්ම නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා අත්‍යවශ්‍ය වන ශක්තිමත් සිවිල් සමාජයක වැදගත්කමද තහවුරු කෙරෙනු ඇති බවද සඳහන්.

RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් රැසක් පීඩාවට පත්වෙලා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව බලධාරීන් පවසනවා. පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786ක්. එමෙන්ම නිවාස...

ජනාධිපති මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක්

පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17...

පුත්තලමේ පාසල් හෙට – අනිද්ද වහලා

පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...