27 C
Colombo
Tuesday, May 7, 2024

ලිංගික අධ්‍යාපනය ඉහළ නංවන්න අතිරේක කියවීම් පොතක් (වීඩියෝ)

- Advertisement -

පාසල් සිසුන්ගේ ලිංගිකත්ව අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ මේ සඳහා අතිරේක කියවීම් පොත් 4ක් පාසල් පුස්තකාල වෙත ලබාදී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

“අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් උසස්පෙළ සිසුන් සඳහා “16+ යෞවනයට ආමන්ත්‍රණය” නමින් ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳව අතිරේක කියවීම් පොතක් පාසල් පුස්තකාල සඳහා සකස් කර බෙදාහැර ඇත. ඊළඟට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 6 සිට ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා “මල්සමය ළඟයි”, 9,10,11 ශ්‍රේණි සඳහා “14+ අසිරිමත් නව යෞවනය” 6,7 ශ්‍රේණි සඳහා “12+ නව යොවුන් වියට පා තබමු” ලෙස සකස් කර ඇති අතිරේක කියවීම් පොත් මගින් ආර්ථව සෞඛ්‍ය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සහ E තක්සලාව මගින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙබ් පිටුවද ඇතුළත් කර ඇත.” 

“නවතම වාර්තා අනුව අවුරුදු 12ත් 47ත් අතර 40%ක් පමණ පිරිසක් නිසි සෞඛ්‍ය ක්‍රමවේද භාවිත කරන්නේ නෑ කියලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම දරුවන්ගෙන් මේ වැඩේ පටන්ගත්තොත් යම් කාලසීමාවක් තුළදී දැනුවත් කිරීමක් කරගන්න පුළුවන්, ඒ නිසා මම අමාත්‍ය මණ්ඩලයට සංදේශය ඉදිරිපත් කරලා සුභසාධනය සඳහා වෙන්කරලා තියෙන මුදල්වලින් ඒ සඳහා මුදල් වෙන්කරවාගෙන වැඩසටහන් අපි ඉදිරිපත් කළා. ලබන සතියේ ඒක අනුමත වේවී. ඒ අනුව අපි සූදානම් වෙනවා 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන් ට වවුචරයක් ලබාදීලා ඒ වගේම අපි නිර්දේශ කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයත් SLS එකත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එකතුව කමිටුවක් දාලා මේ වෙනකොට සාකච්ඡා කරලා නිර්දේශ කරලා තියෙනවා. ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක උපකරණ මිලදීගැනීමට අවස්ථාව දෙන්න, වවුචරයක් දෙන එක පහසුයි.”

මෙම අතිරේක කියවීම් පොත් ලබා ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න,

https://www.e-thaksalawa.moe.gov.lk/moodle/course/view.php?id=1516

RECENT ARTICLES - SINHALA

ව්‍යාපෘති 11ක වැඩ ඉක්මන්ට ඉවර කරන්න ප්‍රසන්නගෙන් උපදෙස්

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී...

කල්නාට්කුලම් ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

ආරවුලක් දුරදිග යාමෙන් කෝප වූ බැනා විසින් උදැල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබෙනවා. ඊයේ (06) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා. එලෙස මියගොස්...

පොහොට්ටුව නෙළුම් මාවතට කැඳවලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....