තලෙයිමන්නාරම ප්‍රදේශයේදී දස හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ, දැරියගේ මළ සිරුර හමුවූ පොල් ඉඩමේ මුරකරු ලෙස කටයුතු කළ 55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
දුෂණයට ලක් කර ඝාතනය කළ බවට සැක කෙරෙන දැරියගේ මළ සිරුර ඊයේ (16) පෙරවරුවේ දැරියගේ නිවස ආසන්නයේ පිහිටි පොල් ඉඩමක තිබී සොයාගෙන තිබුණා.
පසුගිය 15 වැනිදා නිවස ආසන්නයේ පිහිටි වෙළෙඳසලකට ගිය දැරිය යළි නොපැමිණීම සම්බන්ධයෙන් ඇයගේ මිත්තණිය තලෙයිමන්නාරම පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබූ බවයි වාර්තාවන්නේ.
ඒ අනුව පොලීසිය සිදු කළ විමර්ශනයකදී ඝාතනයට ලක්වූ දැරියගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.