26 C
Colombo
Friday, December 8, 2023

අවසන් මහා තරගයේදී ඉන්දියාවෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 241ක ඉලක්කයක්

- Advertisement -

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මෞලි මංගල්‍යය ලෙස සැළකෙන අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 240ක් රැස්කර ගත්තා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කේ එල් රාහුල් පන්දු 107කදී එක් හතරේ පහරක් පමණක් එල්ලකරමින් ලකුණු 66ක් රැස්කර ගැනීමට සමත් වුණා.

පන්දු 63කදී හතරේ පහර 4ක් සමග විරාත් කෝලි ලකුණු 54ක් රැස්කළා.

නායක රෝහිත් ශර්මා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 47ක් රැස්කරගත්තා.

එහිදී අගනා පන්දුයැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් පන්දුවාර 10ක් යොමුකරමින් කඩුලු 3ක් දවාගත්තා.

පැට් කමින්ස් පන්දුවාර 10කදී ලකුණු 34ක් යොමුකරමින් කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

ඉන්දීය පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට කිසිදු ඉඩක් නොදුන් ඔස්ට්‍රේලියා පන්දු යැවීමේ බලඇණිය විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවුණා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...