29 C
Colombo
Saturday, May 4, 2024

බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක්

- Advertisement -

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් රැස්කර ගැනීමට සමත් වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කළා.

හයේ පහර 6ක් සහ හතරේ පහර 16ක් සමග කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් රැස්කරගත්තා.

එමෙන්ම, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා අද සිය 12 වන ටෙස්ට් ශතකය රැස්කරගැනීමට සමත් වුණා.

ලකුණු 108 ක් රැස්කරගත් ධනංජය හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් එල්ල කළා..

කමිඳු මෙන්ඩිස් සහ ධනංජය සිල්වා විසින් පළමු ඉනිමේදී ද ශතකයක් රැස්කිරීම විශේෂත්වයක්.

පන්දු යැවීමේදී මෙහිදි හසන් මිරාස් ලකුණු 74කට කඩුලු 4ක් දවාගත්තා.

එමෙන්ම, නහිඩ් රණා සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් දවා ගෙන තිබෙනවා.

සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 280ක් රැස්කරගත් අතර බංග්ලාදේශය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 188ක් පමණයි.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 511ක්.

RECENT ARTICLES - SINHALA

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...