අනුරාධපුරය, රඹෑවේ සිදුවූ බිහිසුණු අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ අනුරාධපුර, රඹෑව මාර්ගයේ අද (09) අළුයම මෙම අනතුර සිදුව ඇති බවයි.
කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වනවා.
සංගීත සංදර්ශනයකින් අනතුරුව නිවෙස් බලා ගමන් කරමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන අතර කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කර තිබුණා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, අනතුර සිදුකළ කැබ් රථය පළාගොස් ඇති බවයි.