26 C
Colombo
Friday, May 17, 2024

වසීම් අක්‍රම්ගෙන් මෙරට ක්‍රීඩකයින්ට පුහුණු වැඩසටහනක්

- Advertisement -

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දස්කම් මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් සහ ප්‍රධාන ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පැවත්විමට පාකිස්තාන හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වසිම් අක්‍රම් ශ්‍රි ලංකාව වෙත පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඊයේ (01) උදෑසන මෙරටට පැමිණි අක්‍රම්, SLC වේග ඇකඩමිය, HPC සහ ප්‍රධාන පුහුණුකරුවන් ආවරණය වන පරිදි සැසි පහක් පවත්වනු ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, ඔහු එළඹෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයින්ගේ සූදානම ද නිරීක්ෂණය කිරීමට නියමිතයි.

මේ අතර, එළඹෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ජාතික කණ්ඩායම සූදානම් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් 3 කින් සමන්විත T20 පුහුණු තරඟාවලියක් අද (02) ආරම්භ කිරීමට නියමිතයි.

සූදානම් වීමේ තරඟාවලිය කහ, කොළ සහ රතු කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇති.

සෑම කණ්ඩායමක්ම සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත වන අතර වනිඳු, චරිත් හා ජනිත් මෙම කණ්ඩායම් තුනේ නායකත්වයට පත්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රතුපස්වල නඩුවේ තීන්දුව අද

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව අද (17) උදෑසන ගම්පහ මහාධිකරණයේ...

අගමැති හා මැතිවරණ කොමිසම අතර හමුවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින බාධා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී ‍සිදුකරන නීති සංශෝධනයකින් බව මැතිවරණ කොමිසම පවසනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකදී...

ඕනම කෙනෙක් එක්ක සාකාච්ඡා කරන්න මම සුදානම්-ජනපති

සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමග...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...