32 C
Colombo
Sunday, May 5, 2024

ප්‍රතිජීවක ඖෂධ අධික ලෙස භාවිතයෙන් වසර 50 කින් මරණය

- Advertisement -

වෛද්‍ය නිර්දේශයකින් තොරව  ප්‍රතිජීවක ඖෂධ බහුල වශයෙන් භාවිත කිරීමෙන් වසර 50ක් පමණ ඇතුළත පුද්ගලයින් මරණයට පත් විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඩේලි මිරර් පුවත්පත වෙත පවසා  තිබෙනවා.

නොවැම්බර් 18 සිට 24 දක්වා යෙදී ඇති ‘ප්‍රතිජීවක පිළිබඳ දැනුවත් කිරීමේ සතිය’ පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ලෝකයේ  ප්‍රතිජීවක ඖෂධ පිළිබඳව විශේෂඥයින් පර්යේෂණ මඟින් මේ බව අනාවරණය කරගෙන ඇති බවයි.

වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමෙන් සිරුරේ පැවැත්මට අවශ්‍ය බැක්ටීරියා මිය යා හැකි අතර, ශරීරය තුළ ඊට ප්‍රතිරෝධී බැක්ටීරියා නිර්මාණය විය හැකි බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  මහතා  තවදුරටත් පෙන්වා දෙනවා.

එම ඖෂධ අධික ලෙස භාවිත කිරීමෙන් ශරීරයට හිතකර බැක්ටීරියා ද විනාශ වන බව වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඒ හේතුවෙන්. අත්‍යවශ්‍ය අවස්ථාවලදී හැරෙන්නට දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා නොදෙන ලෙස වෛද්‍ය දීපාල් පෙරේරා  මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා  සිටිනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...