25 C
Colombo
Wednesday, February 19, 2025

අලි සබ්‍රි අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

- Advertisement -

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විවෘත වරෙන්තුවක් ඊයේ (09) නිකුත් කර තිබෙනවා.

ඒ, රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලකට සාපරාධි ලෙස ඇතුළුවීම සහ දේපළවලට අනර්ථයක් කිරීම යන චෝදනා සම්බන්ධයෙන්.

කල්පිටිය කුරුඥම්පිටිය ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වගඋත්තරකරු කරමින් ඉකුත් පෙබරවාරි 21 වැනිදා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබුණා.

මීට පෙර නඩුව කැඳවූ මාර්තු 4 සහ අප්‍රේල් 1 යන දින දෙකේදී සහ ජූලි 8 වැනිදා වග උත්තරකාර මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර මන්ත්‍රීවරයා නියෝජනය කරමින් නීතිඥයකු හෝ අධිකරණය හමුවේ පෙනී සිට තිබුණේ නැහැ.

රාජ්‍ය නොවන සංවිධානයකින් ලැබුණු පැමිණිල්ලකට අනුව ඔවුන්ගේ ගොඩනැගිල්ලකට සාපරාධී ලෙස ඇතුළුවීම, දේපළ අනර්ථය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වගඋත්තරකාර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

සෑම පුරවැසියකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අධිකරණයට ගරු කරමින් අධිකරණයේ පෙනී සිටිය යුතු බව පෙන්වා දී ඇති මහේස්ත්‍රාත්වරිය, රාජ්‍ය නොවන සංවිධානයට අයත් යතුර ඔවුන්ට වහාම භාරදීමට ක්‍රියා කරන ලෙසට ද නියෝග කර තිබුණා.

මෙම නඩුව ලබන 22 වැනිදා නැවත කැඳවීමට නියමිතයි

RECENT ARTICLES - SINHALA

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

කොටහේනේදී තරුණයෙක් ඝාතනය කෙරේ

කොටහේන, බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ, එම තරුණයා ඊයේ(18) රාත්‍රි සිය බිරිඳ සමග රේල් පාර අසළට පැමිණි...

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා. එම අමාත්‍යාශය සඳහන් කළේ, ඒ අනුව...

POPULAR ARTICLES